ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු මිලදීගැනීමේ ක්‍රමවේදය සම්බන්ධව පවතින තත්ත්වය පිළිබඳ කරුණු සොයාබැලීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව අද (01දා) පස්වරුවේදී විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත, එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී බාරදෙන ලදී.
මහාචාර්ය කේ. කේ. වයි. ඩබ්. පෙරේරා, මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල සහ මහාචාර්ය ජනක බී. ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් මෙම ත්‍රිපුද්ගල කමිටුව, පසුගිය මස 13 වනදා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් පත්කරන ලදී.