ගල් අඟුරු ආනයනයේ දී වූ අක්‍රමිකතා සොයයි
පසුගිය කාලයේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ විදුලි ජනනය සඳහා ගල්අඟුරු ආනයනයේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සහ දූෂණ සෙවීමට විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බලශක්ති ක්ෂේත්රයේ සිදුවූ එවැනි අක්‍රමිකතා පිළිබඳව තමාගේ 'බලය සහ බලය' සහ 'ආලාපාළු ආර්ථිකය' යන කෘති දෙකෙන් හෙළිකළ බවත්, ඒ සම්බන්ධයෙන් වැරදි කළ අයට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බවත් ඔහු පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න නගන අවස්ථාවේදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා මේ බව කීය.
එහිදී ගල්අඟුරු ආනයනයේදී රුපියල් කෝටි 150 ක වංචාවක් සිදු වූ බවට එල්ල වූ චෝදනා පිළිබඳවද බණ්ඩාර මන්ත්‍රීවරයා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ එවැනි වංචාවක් සිදුව නොමැති බවත්, සිදුව ඇත්තේ ගල්අඟුරු ආනයනයේදී ශ්‍රී ලංකා නැව් සංස්ථාව සමග ඇති කරගත් ගිවිසුමේ ඇති ප්‍රශ්නයක් මත බාල ගල්අඟුරු ආනයනය නිසා ඇති වූ පාඩුවක් බවයි.
මේ සඳහා රුපියල් මිලියන 460 ක් ගෙවීමට සංස්ථාව එකඟ වී ඇති බවද ඔහු කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

