ගර්භිණී මවුවරුන්ට ලබාදෙන පෝෂණ මල්ල මාර්තු මස මැද සතියේ සිට ලබාදීමට නියමිත බව ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
ඒ අනුව කූපන් පතක් මගින් සුවනාරි සායනවල ලියාපදිංචි සෑම ගර්භිණී මවකටම දරු ගැබට 4 වැනි මස පිරීමෙන් පසු මෙම පෝෂණ මල්ල ලබාදෙනු ඇත.
ඒ අනුව 04 වැනි මාසයේ සිට මසකට රු. 2000 බැගින් මාස 5 ක්ද, ප්‍රසූතියෙන් පසු මාස 5 ක් රු. 2000 බැගින්ද රු. 20,000 ක් ලබාදෙයි.
ලංකාවේ වසරකට ලක්ෂ 4 ක් පමණ වාර්තා වන ගර්භිණී මවුවරුන් සඳහා මේ වනවිටද මුදල් අමාත්‍යවරයා විසින් මුදල් වෙන්කර ඇති බව අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.