පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේදී අපෙක්ෂිකාව ලෙස ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ තම ප්‍රතිවාදී අපෙක්ෂකයෙක් වූ ගයන්ත කරුණාතිලක මහතා නිරන්තර විවේචනයට ලක්කළා.
අට වැනි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වන්නේ ගයන්ත කරුණාතිලක මහතායි. ඔහු සිය ධුරයේ අද නිල වශයෙන් වැඩ බාර ගත්තා.
මෙම අවස්ථාවට හිටපු නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, ගීතා කුමාරසිංහ ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
චන්දිම වීරක්කොඩි මහතාද ගාල්ලේදී ගයන්තගේ ප්‍රතිවාදී අපෙක්ෂකයෙක් වුණා.