වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමතිවරුන්ට තමා යොමුකළ ප්රශ්නවලට වසරක් තිස්සේ පිළිතුරු නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
අද (06) පැවති සභාවාරයට එකතුවෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පළාත් සභාවක මාස තුනකදී පිළිතුරු ලබාදීම සිදුවන බවත්,පාර්ලිමේන්තුවේදී එයට වසරක් පමණ ගතවීම ගැටලු සහගත බවත්ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා .
“අපි අදහසක් ඉදිරිපත් කරන්න නැගිටිනකොට මයික් එක දෙන්නෑ.ඒක අසාධාරණයි. මම කොට වෙන්න පුළුවන්. පිටුපස්සේ ඉන්න පුළුවන්. නමුත් ජනතාව පත්කළ මන්ත්රීවරයෙකු හැටියට මටත් ඒ අවස්ථාව ලබාදිය යුතුයි”.යනුවෙන් එහිදී හෙතෙම පවසා සිටියේය.