පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතාගේ පවතින්නේ අමුතු දේශපාන ප්‍රතිපත්තියක් බවත්, ඔහු පාර්ලිමේන්තුවට ගිහින් යහපාලනය අවුල් කරන්න හදන බවත් අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.
අමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් විලච්චිය පේමඩුව ප්‍රදේශයේ පැවති උත්සව කිහිපයකට සහභාගීවෙමින් හැරිසන් මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
"මහින්ද නැගිට්ටවන්න දඟලපු ගම්මන්පිල, වීරවංශලා අද නැවත රටේ ජාතිවාදය අවුස්සන්න දඟලනවා. මං දැක්කා ගම්මන්පිල මාධ්‍ය සාකච්ඡා තිය තිය රට බෙදන්න දඟලනවා. ගම්මන්පිල මහත්තයා මහින්ද පෙන්නලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ගේ ඡන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට ගොඩ වුණා. එයාගේ තියෙන්නේ අමුතු දේශපාලන ප්‍රතිපත්තියක්. කාගෙ හරි පිහිටෙන් පාර්ලිමේන්තුවට ගිහින් යහපාලනය අවුල් කරන්න දඟලනවා.
ඇයි මෙහෙම කරන්නේ? රට ගොඩනගන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා වෑයම් කරන කොට ආණ්ඩුවේ ඉන්නඈයින්ටත් මේ හාදයා ගින්දර දීලා අමනාපකම් ඇති කරවන්න දඟලනවා. රටේ ජාතිවාදය අවුස්සන ප්‍රකාශ කරමින් හැසිරෙනවා"
ගල්ගමුව සංජීව රත්නායක