ගම්මන්පිලගෙන් කොළඹ ජාතික රෝහලට චෝදනාවක්
වසර 12ක සේවා කාලය සම්පූර්ණ කර නොමැති ආබාධිත හමුදා සහ පොලිස් රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ලබා දෙන්නැයි ඉල්ලා මීට දින පහකට පෙර කොටුව දුම්රියපළ ඉදිරිපිට ආරම්භ කළ මාරාන්තික උපවාසයට සහභාගි වී රෝගාතුර වූ රණවිරුවන්ට ප්‍රතිකාර කිරීමේදී ජාතික රෝහලේ වෛද්‍යවරුන් නිසි සැලකිල්ලක් දක්වා නැතැයි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පැවසීය.
අව්වැසි නොතකා මාරාන්තික උපවාසයට සහභාගි වූ රණවිරුවන් 04 දෙනෙකු රෝගාතුර වී ඇතැයි කී මන්ත්‍රීවරයා, කොළඹ ජාතික රෝහලට ඔවුන් යොමුකළ පසුව වෛද්‍යවරුන් කිසිදු සැලකිල්ලක් නොදක්වා අමානුෂික අයුරින් නිලධාරීන් දෙදෙනෙකු ආපසු හරවා එවා තිබුණු බවත්, ඉන් එක් නිලධාරියෙකු තමන්ගේ ගමේ රෝහලට ඇතුළත් වී තිබෙන බවත් අනෙක් නිලධාරියා යළිත් උපවාසයට වාඩිවී සිටින බවත් පවසා සිටියේය.
මෙම රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අද (06දා) දහවල් උපවාස සිදුකරන ස්ථානයට පැමිණි පසුව ගම්මන්පිල මහතා මෙම අදහස් දැක්වීය.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










