‘සල්ලි බලය තිබෙනවා නම් බන්ධනාගාර රෝහලේ සැප’ යන සිරස්තලය යටතේ පළ කළ වීඩියෝවකින් තමාට සෘජුවම අපහාසයක් කර තිබෙන බැවින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් රුපියල් මිලියන 500ක් වන්දි ඉල්ලා නඩු පවරන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (08දා) පැවසීය.
තමා රක්ෂිත බන්ධනාගාර ගතවී සිටි දින දහතුන තුළ එක මොහොතක් හෝ ව්‍යාජ ආකාරයෙන් අසනීප වි රෝහල් ගතවී නොසිටි බවත්, මෙය නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ තවත් එක් ‘මෙගා බොරුවක්’ බවත් ඒ මහතා කියා සිටියේය.