ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂැඩික් නම් ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් ව්‍යාජ ලෙස සකස් කරන ලද ඇටෝර්නි බලපත්‍රයක් භාවිත කර විකුණා රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව පවරා ඇති මූල්‍ය වංචා නඩුවට අදාළව සාක්ෂිකරුවන් 20 දෙනකු ඉදිරිපත් කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹ මහාධිකරණයේ නීතිපතිවරයා පවරා ඇති නඩුවල හරස් ප්‍රශ්න ඇසීම කොළඹ මහාධිකරණයේදී සිදුවිය. නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත්තේ අගතියට පත් විදෙස් ව්‍යාපාරිකයා විසින් 2015 අගොස්තු මස 02 දින පොලිස් විශේෂ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව අදාල පොලීස් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුවය.
ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස එවකට සේවය කළ බ්‍රයන් රොස් ෂැඩික් මහතා හා ජැනට් එලිසබෙත් ෂැඩික් මහත්මිය අත්සන් නොකළ බව දනිමින්ම හා ඔවුන් අත්සන් කළ බවට විශ්වාස කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව, ව්‍යාජ ලෙස සකස් කළ ඇටෝර්නි බලපත්‍රයක්, ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට සත්‍ය ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා එක් නඩුවක් පවරා තිබූ අතර, වර්ෂ 2000 ජූලි මස 27 දින හෝ ඊට ආසන්න දිනයකදී, ඩිජිටල් නොමිනීස් සමාගම විසින් මිලදීගෙන තිබූ කොළඹ පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කරන ලද ව්‍යාපාර කොටස් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විකිණීමෙන් රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි ද තවත් නඩුවක් නීතිපතිවරයා විසින් පවරා තිබිණ.
එසේම මෙම නඩුව සනාථ කිරීමට සාක්ෂිකරුවන් 20ක් සහ ලේඛනයන් 14ක් ඉදිරිපත් කරන බව ද නීතිපති විසින් අධිකරණයට දැනුම් දී ඇත.