(UPDATE)අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ලබන මස පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මෙම නියෝගය නිකුත් කළේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අද (18) උදෑසන ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
පොලිස් විශේෂ ඒකකය විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අද (18දා) පෙරවරුවේදි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පාගොඩ පාර, නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසේදීයි.
ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් සකස් කිරීම මගින් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.