කුරුණෑගල නගරයේදී හෙට (08දා) පැවැත්වෙන රැලියට තමන් සහභාගී නොවන බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ සඳහා තම පක්ෂයේ නියෝජිතයෙකු සහභාගී කරවන බවද ගම්මන්පිල මහතා කීවේය.
නාරාහේන්පිට අභයාරාමයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකට සහභාගි වීම සම්බන්ධව හෙට (08දා) දින අධිකරණයට පැමිණෙන ලෙස දන්වා ඇති බැවින් ඊට සහභාගී වීමට තිබෙන බවයි.