පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියකට අදාළව පොලීසිය කරන පරීක්ෂණවලට අවශ්‍ය වාර්තා ලබාදෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටය මහතා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අද(13දා) නියෝගයක් නිකුත් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබාදීමේ සිද්ධිය පදනම් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් අධිකරණයට අපහාසයක් කළ බවට නීතිඥ අමිල ඉන්දික මහතා කෙසෙල්වත්ත පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව කළ ඉල්ලීම පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.