පසුගිය ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම සඳහා දේශපාලඥයෙකු විසින්ගෙනඑන ලදැයි සැකකරන රජයේ වාහනයක් ගම්පොළ තුංදෙනිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ගම්පොළ පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
ගම්පොළ සහකාර පොලිස් අධිකාරී චූලනී වීරරත්න, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක යාපා බණ්ඩාර හා අපරාධ අංශ ස්ථානාධිපති ටී.ආර්. තල්වත්ත යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම ජීප් රථය අත්අඩංගුවට ගෙන ඇත.