අයහපත් කලගුණ තත්ත්වයක් නිසා විපතට පත් ජනතාවට සහන සැලසීමේදී ගම්පහ ප්‍රා‘දේශීය ලේකම් කාර්යාලය විසින් සහන ලබා දෙන්නේ අවතැන් කඳවුරුවල සිටින පිරිසට පමණක් බව වාර්තා වේ.
ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍ර‘දේශයට ඇති වූ අධික වැසි තත්ත්වය සහ ජල මූලාශ්‍ර පිටාර ගැනීම නිසා දහසකට ආසන්න පිරිසක් විපතට පත්වී ඇති අතර, එම පිරිසෙන් බහුතරයක් දැඩි දුෂ්කරතා මධ්‍යයේ නිවෙස්වල රැඳී සිටින බවද වාර්තා වේ. මෙලෙස විපතට පත් ජනතාවට අවශ්‍ය පිසූ ආහාර , වියළි ආහාර ලබාදීම සිදුකරන නමුත් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සහන සලසනු ලබන්නේ අවතැන් කඳවුරුවල සිටින පිරිසට පමණක් බවද ප්‍ර‘දේශවාසීන් සඳහන් කරයි. එහෙත් නිවෙස්වල රැඳී සිටින පිරිස්වලට පවා ආහාර පිස ගැනීමට නොහැකි වී තිබෙන අතර, බොහෝ වියළි ආහාර ද්‍රව්‍ය ජලයට හසුවී තිබෙන බවද ජනතාව පෙන්වා දෙති.