කැලණි දකුණු ඉවුර ජලසම්පාදන ක්රමයේ හදිසි නිෂ්පාදන නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (01දා) පස්වරු 07.00 සිට අනිද්දා (02දා) පෙරවරු 07.00 දක්වා පැය 12ක කාලයක් පහත සඳහන් ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ අනුව කැලණිය ප්රාදේශීය සභා බල ප්රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්රදේශය, වත්තල, නගර සභා බල ප්රදේශය, වත්තල ප්රාදේශීය සභා බල ප්රදේශය, බියගම ප්රාදේශීය සභා බල ප්රදේශය, මහර ප්රාදේශීය සභා බල ප්රදේශය, දොම්පේ ප්රාදේශීය සභා බල ප්රදේශය, ජා- ඇළ ප්රාදේශීය සභා බල ප්රදේශය, ජා-ඇළ නගර සභා බල ප්රදේශය, කටුනායක, සීදූව නගර සභා බල ප්රදේශය, ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශයේ කොටසක ජල සැපයුම අත්හිටුවීමට කටයුතු යොදා ඇති අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු - 1939 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.