ගම්පහ දිස්ත්‍රික්කයේ ජය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පෙරමුණ සමත්වූයේ මන්ත්‍රීධුර 9ක් සමගිනි. සන්ධානයට මන්ත්‍රීධුර අටක් හා ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත්‍රීධුරයක් හිමිවිය. 2010 වසරේදී සන්ධානය ගම්පහින් මන්ත්‍රීධුර 12ක් තහවුරු කරගත් අතර එජාපයට එවර හිමිවූයේ මන්ත්‍රීධුර පහක් පමණි. ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය එක් මන්ත්‍රීධුරයක් හිමිකරගත්තේය. ඒ අනුව සන්ධානයට අහිමිවූ මන්ත්‍රීධුර හතර එක්සත් ජාතික පෙරමුණ විසින් හිමිකර ගෙන තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංඛ්‍යාවේ වෙනසක් සිදුව නොමැත.