නුවරඑළියේ සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය ආසන්නයේ අක්බාර් පාලම අසලදී අද (17දා) ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පේරාදෙණිය පොලීසිය සඳහන් කරයි.
සිදුවීමෙන් එහි ගමන්කළ කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් එහි රියදුරු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ එම ප්‍රදේශය පසුකර ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි වාහනයක් ත්‍රිරෝද රථයේ පිටුපස ගිනි ගනිමින් පවතින බව දැනුම් දීම හේතුවෙන් එය මාර්ගයෙන් ඉවත් කර නවතා එහි ගමන් කළ සියලු දෙනා ත්‍රිරෝද රථයෙන් බැස ඉවත් වූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
පේරාදෙණිය සෙනරත් බණ්ඩාර