සාමාන්‍ය පෙළ විභාගයේදී විෂයන් හයක් සහිතව සම්මාන තුනක් ලබා සිටියදී ගණිතය අසමත් නම් වාර දෙකක් තුළ ගණිතය සමත් කර දෙන පොරොන්දුව මත කලා විෂය ධාරාවෙන් හෝ තාක්ෂණ විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව ලබාදෙන බවට පැවසුවත්, මෙතෙක් ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
26/2014 චක්‍ර‘ලේඛය නිකුත් කරමින් මෙම අවස්ථාව ලබාදී තිබූ බවත්, එහිදී ගණිතය අසමත් උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20 කට වැඩි පිරිසක් සිටින පාසල්වල ගණිතය විෂයට අදාළ අතිරේක පන්තියක් පැවැත්වීමටත් යෝජනා කර තිබූ බවද එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසා සිටියේය.
එහෙත් ඊට අදාළ කිසිදු වැඩපිළිවෙළක් රට තුළ මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත්, මීට අමතරව ගණිතය සමත් කර දෙන පදනම මත උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය පහසුකම සැලසීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් වැඩපිළිවෙළක් දියත් කර නොමැති බවත් හෙතෙම සඳහන් කළේය.
පසුගියදා ප්‍රතිඵල නිකුත් කළ සාමාන්‍ය පෙළෙ විභාග ප්‍රතිඵලවලට අනුව 91,198 ක් ගණිතය අසමත් බවට අධ්‍යාපන අමාත්‍යාංශය හෙළිකර තිබෙන බවත්, මෙම පිරිසෙන් ශිෂ්‍යයන් විශාල ප්‍රමාණයකට විෂයන් හයයි සම්මාන තුනක් තිබෙන බවටත් හෙළි වී තිබෙන බවද ජෝසප් ස්ටාලින් මහතා පවසා සිටියේය.