Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 13කට අයත් පවුල් 31,062ක පුද්ගලයෝ 128,428 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.
මෙම පිරිසෙන් පවුල් 1,858කට අයත් පුද්ගලයන් 5,196 දෙනෙකු ආරක්ෂක කඳවුරු 32ක රඳවා සිටින අතර, වයස මාස 10ක දරුවෙකු ඇතුළුව පුද්ගලයන් 07 දෙනෙකු මරණයට පත් වී, 08 දෙනෙකු තුවාල ලබා තවත් 07 දෙනෙකු අතුරුදන් වී සිටින බවද වාර්තා වේ.
නායායෑම් සිදුවිය හැකි බවට (15දා) දිනයේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවා තිබූ බදුල්ල, මොනරාගල, නුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, කළුතර යන දිස්ත්‍රික්කවල නායයාමේ අවදානම් නිවේදනය අද (17දා) සවස 2.00 දක්වා දීර්ඝ කිරීමටද එම සංවිධානය කටයුතු කර තිබේ.
අධික වැසි තත්ත්වයත් සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා සියලුම පොලිස් ස්ථාන සීරුවෙන් තබන ලෙසට අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (16දා) සවස පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇත. මෙම උපදෙස්වලට අනුව අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හදිසි ආපදාවක් ඇති වුවහොත් ජනතාවට ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීම සඳහා දුරකථන අංක කිහිපයක්ද ප්‍රකාශයට පත්කර තිබේ.
හදිසියකදී දැනුම් දෙන්න
ඒ අනුව ආපදා තත්ත්වයන් පිළිබඳව 119 කෙටි දුරකථන අංකයෙන් දැනුම්දීමට හැකි අතර, මීට අමතරව 0112 444 480, 0112 444 483 ඔස්සේ පොලිස්පති උපකාර මැදිරියට, 0112 854 931, 0112 854 864 ඔස්සේ පොලිස්පති අණදෙන තොරතුරු මධ්‍යස්ථානයට හා 0112 473 804 ඔස්සේ අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් මැදිරියටද ජනතාවට තොරතුරු ලබාදිය හැකිය.
මීට අමතරව සෑම පොලිස් කොට්ඨාසයකම පිහිටුවා තිබෙන මෙහෙයුම් මැදිරිවලටද තොරතුරු ලබාදීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇත.
විපතට පත්ව සිටින ජනතාව පිළිබඳ කඩිනමින් තොරතුරු ලබාගෙන විපතට පත්වූ ජනතාවට වහාම සහන සලසන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.
කෑගල්ලේ නායයෑමෙන් 4ක් මරුට
කෑගල්ල, දෙහිඕවිට, ඩෙනිස්වත්ත ප්‍ර‘දේශයේ මාර්ගයකට පස් කන්දක් කඩාවැටීමෙන් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු මියගොස් තිබෙන අතර, මෙහිදී මියගිය එක් පුද්ගලයෙකු ඉරට්ටවත්ත දෙමළ විදුහලේ විදුහල්පතිවරයා බවද වාර්තා වේ. කෙසේවෙතත් කාන්තා මළසිරුර මෙතෙක් සොයාගෙන නැත.
අනුරාධපුර ගල්නෑව ප්‍ර‘දේශයේදී අකුණු පහරකට ලක්වීම නිසා තවත් පුද්ගලයෙකු මියගොස් ඇති අතර, තල්දූව ප්‍ර‘දේශයේදී ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. එමෙන්ම වත්තල පොලිස් බල ප්‍ර‘දේශයේ ඇති වූ වැසි ජල තත්ත්වයක් හේතුවෙන් නිවසට ඇතුළු වූ ජල පහරට වැටීමෙන් මාස 10 ක ළදරුවෙකු මියගොස් තිබේ.
ඇහැලියගොඩ, පනාවල ප්‍ර‘දේශයේ පස්කන්දක් කඩා වැටීම නිසා එක් පුද්ගලයෙකු මියගොස්, දෙදෙනෙකු අතුරුදන්ව සිටින බවද වාර්තා වේ.
මීට අමතරව පනාවල, බටගෙල ප්‍ර‘දේශයේ පුද්ගලයෙකු ජලයට ගසාගෙන ගොස් අතුරුදන් වී සිටින අතර, පනාවල ප්‍ර‘දේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටීම නිසා නිවසේ ගෘහ මූලිකයා මියගොස් බිරිඳ සහ දරුවා තුවාල ලබා තිබේ.
තවද කෑගලු ඔයේ පුද්ගලයෙකු ගසාගෙන ගොස් අතුරුදන්ව සිටින බවද වාර්තා වේ.
මේ අතර අයහපත් කාලගුණය නිසා කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන්යානා තුනක් වෙනත් ගුවන් තොටුපළවල් වලට හරවා යැවීමටද ගුවන් බලධාරීන්ට සිදුවිය. ඩුබායි හා ඉන්දියාවේ සිට පැමිණි තවත් ගුවන්යානා දෙකක් කොචින් ගුවන් තොටටද ෆ්ලයි ඩුබායි ගුවන් යානයක් මත්තලටද හරවා යවා තිබේ.
පෙරදින (15) රාත්‍රී 8.45 ට ඉන්දියාවේ මුම්බායි සිට ආ ගුවන් යානයක් ද කොචින් ගුවන් තොටට හරවා යැවුණි.
දිවයිනේ ප්‍රදේශ රැසකට ගංවතුර
මඩකලපුව දිස්ත්‍රික්කයේ දින කීපයක් තිස්සේ මහා මුහුද රළු වීමක් පවතින අතර, මේ නිසා ධීවරයෝ මුහුදට යාමෙන් වැළකී සිටිති. මෙහි වැදගත් ධීවර ප්‍ර‘දේශ වන නව කාත්තාන්කුඩි, ඒත්තුක්කාල්, පාලමුණේ, නාවලඩි ඇතුළු ප්‍ර‘දේශවල මුහුදේ විශාල රළු වීමක් දක්නට තිබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනයාද වර්ෂාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වී සිටිති.
එමෙන්ම පොළොන්නරුවේ පවුල් 29 ක් පීඩාවට පත්ව තිබේ. මාදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් දිඹුලාගල ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 16 ක් සහ තමන්කඩුව 186 නැගෙනහිර වසමේ පවුල් 13 ක් අවතැන් වී ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
අරණායක ප්‍ර‘දේශයට ඊයේ දවස පුරා ඇදහැළුණු මහ වැසි සමගම මෝරගම්මන හා නාරංගල ප්‍ර‘දේශයේ නිවසක් මුලුමනින්ම වැළලී ගොස් ඇති අතර, තවත් නිවාස 15 ක් නායයෑමේ අවදානමකට ගොදුරු වී ඇතැයි වාර්තා වේ.
මෙහිදී මෝරාගම්මන ප්‍ර‘දේශයේ නිවසක් මෙලෙස වැළලී ගොස් ඇති අතර, ඒ ආසන්නයේ පිහිටි තවත් නිවාස 11ක්ද නාය යාමේ අවදානමකට ගොදුරු වී තිබීම නිසා එම පවුල් වාසස්ථානවලින් ඉවත් කොට මෝරාගම්මන විහාරස්ථානයේ නවාතැන් දීමට අරණායක ප්‍රා‘දේශීය ලේකම් එස්.ඒ.එම්. ෆයිසාල් මහතා පියවර ගෙන ඇත.
කළුතර අධිකරණ පරිශ්‍ර‘යේ තිබූ බෝ ගසක් පෙරේදා (15දා) සවස හමා ගිය සැඬ සුළඟින් එම අධිකරණ ගොඩනැගිල්ල මතට කඩා වැටීම නිසා අධිකරණ සංකීර්ණයේ උඩුමහලට හානි සිදු වී ඇත.
නුවරඑළිය හා ඒ අවට ප්‍ර‘දේශයේ දැඩි මීදුම් තත්ත්වයක් පවතින නිසා රථවාහන ධාවනයේදී දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස නුවරඑළිය පොලීසිය රථවාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි. එලෙසම පවතින අධික මීදුම් තත්ත්වය නිසා මාර්ගවල පවතින අධික බෑවුම් තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද අවධාරණය කෙරේ.
කැලණි ගඟ පිටාර ගලයි
කැලණි ගඟ පිටාර ගැලීම නිසා කිරිඳිවැල - හංවැල්ල මාර්ගයේ පූගොඩ පට්ටිය ගම සිට කුරුස කණුව දක්වා ප්‍ර‘දේශය ජලයෙන් යට වී එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඊයේ (16දා) අලුයම සිට ඇනහිට තිබිණි. මාර්ගයේ තිබූ වෙළෙඳ සැල් කිහිපයක් සහ නිවාස කිහිපයක්ද ජලයෙන් යට වී තිබිණි.
ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පස් කඳු, ගල් පර්වත කඩාවැටීම ආරම්භ වී ඇති නිසා එම මාර්ගයේ රථවාහන ධාවනය කිරීම අනතුරුදායක බව ඇල්ල පොලීසිය පවසයි. දැනටමත් මාර්ගයේ තැනින් තැන විශාල ගල් පර්වත, පස්කඳු සහ ගස්කොළන් කඩාවැටී ඇති බවද ඇල්ල පොලීසිය පවසයි.
බදුලු ඔයේ ජල මට්ටම ශීඝ්‍ර‘යෙන් ඉහළ යාම නිසා බදුලු ඔය අවට පදිංචිකරුවන්ට දැඩි අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා සඳහන් කරයි. එලෙසම බදුලුපිටිය, දෙයියන්දර, අන්දෙණිය, කයිලගොඩ, සුමනතිස්සගම ආදී ප්‍ර‘දේශවල ජනතාවද නිරතුරුව විමසිල්ලෙන් සිටිය යුතු බවද ඔහු අවධාරණය කරයි.
මාතලේ ප්‍ර‘දේශ කිහිපයක පස්කඳු කඩා වැටී, කඳු කිහිපයක් නායයාමේ අවදානමකට ලක්ව ඇතැයි මාතලේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මාඔය, කුඩා ඔය හා දීඇල් ඔය පිටාර ගැලීම හේතුවෙන් දිවුලපිටිය හා මීරිගම ප්‍රා‘දේශිය ලේකම් වසම්වල නාල්ල අඹේපුස්ස, නාඹුලුව, දිවුල්දෙණිය, කොරඳමින්න, කොටදෙණියාව ආදී පෙදෙස්වල පවුල් දෙසීයකට ආසන්න ප්‍රමාණයක පන්සියයක පමණ ජනතාවක් අවතැන් වී ඇති අතර, ඔවුනට පිසූ ආහාර ලබාදීමට දිවුලිපිටිය හා මීරිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ආපදා සහන නිලධාරීන් ඊයේ (16දා) පියවර ගෙන තිබිණි.
නොකඩවා ඇදහැළුණු වැස්ස නිසා දියගම්පල, නාඋල්ල, දිවුල්දෙනිය හා හද්දාමුල්ල හන්දිය අසල තැනින් තැන අඩි හයක් පමණ දක්වා ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ කුරුණෑගල අංක 05 මාර්ගයේ වාහන ගමනාගමනයද සම්පූර්ණයෙන්ම ඇනහිට තිබිණි.
කොටදෙනියාව මා ඔයේ මිත්‍රත්ව පාලම අඩි අටක් පමණ උසට ජලයෙන් යටවී පැවතුණු අතර, ඊයේ (16දා) සවස වනවිට එම ජල කඳ තවදුරටත් වැඩිවන ලකුණු පහළ වෙමින් පැවතුණි.
මහවැසි හේතුවෙන් නාල්ල, පස්යාල, කාමරංගාව, හපුගහගෙදර, මදුරුපිටිය, ගිරිඋල්ලගම, දිවුල්දෙනිය, කොටදෙනියාව, දෙල්ගොල්ල යන ගම්මානයන් ජලයෙන් යටවිය.
අධික වැස්ස සහ සුළඟ නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස හයකට පූර්ණ හානි සිදු වී ඇති අතර, තවත් නිවාස විසි හතරකට අර්ධ හානි සිදු වී තිබේ. මේ වනවිට හබරාදූව, අක්මීමන, යක්කලමුල්ල, ගාල්ල කඩවත්සතර, බලපිටිය, ගෝනපීනුවල, අම්බලන්ගොඩ, හික්කඩුව, බද්දේගම සහ කරන්දෙණිය යන ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසවල අවතැන් වූ ජනතාවට පිසූ ආහාර සැපයීමට ප්‍රා‘දේශීය ලේකම් කාර්යාල මේ වනවිට පියවර ගෙන තිබේ.
මේ අතර, දැනට පවතින වැස්ස නිසා ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් එම ප්‍ර‘දේශවල අවතැන් වන ජනයා බේරාගැනීම සඳහා බෝට්ටු සහ අඟුල් සමග සහන සේවා කණ්ඩායම් යොදවා ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ නජීව එදිරිසිංහ මහතා පැවසීය. ගිං ගඟ පිටාර ගලා ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් පීඩාවට පත්වන ජනයා ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යෑමට මෙම බෝට්ටු සහ අඟුල් යොදවා තිබේ.
මධ්‍යම කඳුකරයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග ශ්‍රීපාද කන්දේ නල්ලතන්නි - ශ්‍රීපාද මාර්ගයේ ගඟුලතැන්න ප්‍ර‘දේශයේ ඊයේ (16දා) අලුයම 1.30 ට පමණ සිදු වූ නායයෑමක් හේතුවෙන් තාවකාලික වෙළෙඳ සැල් දෙකකට හානි සිදුව ඇත.
මහවැලි ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් එහි අවට පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
අම්බලන්තොට, කොග්ගල්ල හරහා සූරියවැව මාර්ගය ස්ථාන කිහිපයකින්ම ජලයෙන් යට වීම නිසා ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබිණි. නොකඩවා ඇදහැළුණු මෙම වර්ෂාව නිසා රිදියගම මහ ඇළෙන් පිටවන ජලය කොග්ගල්ල කඩවර වැවට මුදාහැරෙන අතර, එම වැවද පිටා ගැලීමෙන් අවට මාර්ග කිහිපයක් මෙන්ම ප්‍ර‘දේශයේ කුඹුරු අක්කර 300 ක් පමණද සම්පූර්ණයෙන්ම යට වී තිබේ.
අධික වර්ෂාව නිසාවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු සියල්ලම විවෘත කර ඇති අතර එයින් පිටවන ජලයද වලවේ ගඟ හරහා මුදාහැරේ. අම්බලන්තොට කොග්ගල්ල පහළ ප්‍ර‘දේශයේ පවතින මාර්ග කිහිපයක්ම දැනට දින තුනක සිට ජලයෙන් යට වී ඇති බවද ප්‍ර‘දේශවාසීහු පවසා සිටියහ.
මහවැලිය පිටාර මට්ටමට
මහවැලි ගඟ ඇතුළු ප්‍ර‘දේශයේ ඇළදොළ ගංගා රැසක් පිටාර ගලමින් පහත්බිම් ජලයෙන් යටවෙමින් පවතියි. මේ නිසා මහවැලි ගඟේ පොල්ගොල්ල වේල්ලේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බව පොල්ගොල්ල වේල්ලේ කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා පැවසීය. මෙම දොරටු හය මගින් තත්පරයකට ජලය ඝන මීටර් 747 ක් ඊයේ (16දා) පෙරවරුව වනවිට මුදාහැරි බවද ඒ මහතා පවසා සිටියේය.
කොත්මලේ ජලාශයේ ස් වාන් දොරටු 04 ක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර, ඊයේ ස්වයංක්‍රීයව වාන් දොරටු 02 ක් වැසී තිබේ. ගිනිගත්හේන දියගල හරහා නෝර්ටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයට ගස් කඩාවැටීම නිසා ගමනාගමනයට බාධා ඇති විය. නාවලපිටිය, ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ මීපිටිය ප්‍ර‘දේශයේ කොටසක් නායයෑමෙන් මාර්ගයේ ගමනාගමනය එක් දෙසකට සීමා කර තිබිණි
විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන සහ කැනියොන් ජලාශවලද වාන් දොරටු විවෘත කිරීම සිදුවිය. පහළ හංවැල්ල ප්‍ර‘දේශයේ ගං ඉවුරු කැලණි ගඟට සේදී ගිය ස්ථානයේ මේ වනවිට අඩි 50කට වැඩි ප්‍රමාණයක් කැලණි ගඟේ ජලය ඉහළ ගොස් ඇති අතර, අනාරක්ෂිතව පවතින එම ස්ථානයට කිසිදු ආරක්ෂාවක් අදාළ අංශ විසින් නොසැපයීම නිසා එම ස්ථානය තවත් අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබේ.
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20 න් දොරටු 06 ක් අඩි 02 බැගින් ඊයේ (16දා) දහවල් වනවිට විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය කියයි. එය එතෙක් විවෘත කර තිබුණේ දොරටු 04 ක් අඩි 02 බැගිනි.
බොල්ගොඩ ගඟ පිටාර ගැලීම නිසා හිරණ, කිඳෙල්පිටිය මාර්ගය යටවීමෙන් ඊයේ (16දා) එම මාර්ගයේ ගමන්ගත් පිරිස් දැඩි දුෂ්කරතාවට ලක්වූහ. මේ නිසා පානදුර සිට කිඳෙල්පිටිය දක්වා බස්රථ ධාවනය හිරණ තොටුපළ දක්වා සීමා කෙරිණි. මෙම මාර්ගයේ ගමන් ගන්නා රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන් හා පාසැල් සිසුන් විශාල පිරිසක් ගමනාගමන අපහසුතාව නිසා නැවත නිවෙස් බලා ගියහ.
හලාවත කලපුව පිටාර ගැලීම නිසා ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාවගේ නිවාස 50කට පමණ හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බව දැකගත හැකිවිය. වාන් දොරටු විවෘත කිරීම නිසා දැදුරු ඔයේ ජල මට්ටම බොහෝ දුරට ඉහළ යා හැකි නිසා පල්ලම ආරච්චිකට්ටුව සහ හලාවත ප්‍ර‘දේශවල දැදුරු ඔය දැලවරේ පදිංචිකරුවන්ට ඒ බව දැනුම්දෙන ලෙස ප්‍රා‘දේශීය ලේකම්වරුන්ට දන්වා ඇතැයි පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.
පුත්තලම කලපුව ආසන්නයේ මාර්ගයට උඩින් ස්ථාන කිහිපයකදීම ගොඩගැලීම නිසා කලපු තීරයේ ගාල් කර තිබූ ධීවර යාත්‍රා ආරක්ෂිතව වෙනත් ස්ථාන වෙත ඉවත් කළ බවත්, ඇතැම් යාත්‍රා කලපු තීරයේ මාර්ගය දෙපස ගොඩගැසූ බවත් වලර් පිලෙයි ධීවර සමිතියේ සභාපති එම්.එම්. රියාස් මහතා පැවසීය. එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය කාලයේ කලපුව තුළ ධීවර විරෝධතා පසෙක දමමින් ඉදිකළ විදුලි කණු මෙම අනිසි ගොඩගැලීම්වලට හේතුවිය හැකි බවයි.
මාවනැල්ල, හෙම්මාතගම මාර්ගයේ වාගොල්ල පාලම පිටාර ගැලීම හේතුවෙන් බොහෝ අවස්ථාවල ගමනාගමනයට බාධා එල්ල වන බව ජනතාව පවසති. මේ නිසා පෙරේදා දිනයේද සවස් කාලයේ ජල මට්ටම වැඩි වීමත් සමග වාගොල්ල පාලම පිටාර ගැලීම නිසා පැය 04කටත් වඩා අධික කාලක් ජනතාවට වතුර බැස යන තෙක් සිටීමට සිදු වූ බවද ඔවුහු පවසති.
දියවන්නා ඔයත් පිටාර ගලයි
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හා මහරගම ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසවල පවුල් නවසියයක් පමණ ජල ගැලීම්වලින් අවතැන්ව ඇති බවත්, ඔවුන්ට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන ලබාදීම සඳහා කටයුතු කළ බවත් මහරගම හා කෝට්ටේ ප්‍රා‘දේශීය ලේකම්වරු පවසති.
වැලිකඩ පොලිස් ස්ථානයද පෙරේදා රාත්‍රි‘යේ ජලයෙන් යටව තිබූ බව පොලීසිය පවසයි. එසේම පොලිස් නිලධාරීන් නවාතැන් ගෙන සිටින නේවාසිකාගාර ලෙස පවත්වාගෙන යන පැරණි පොලීසියේ ගොඩනැගිලි තවදුරටත් ජලයෙන් යට වී ඇති බවද වාර්තා විය.
කෝට්ටේ ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ අරුණෝදය මාවත, බැද්දගාන, බුත්ගමුව ඇළ දෙපස රජකෙත, බණ්ඩාරනායක පුර, පොල්වත්ත, දියවන්නා පාර්ලිමේන්තු සංකීර්ණය අවට, ඇතුල්කෝට්ටේ මාලිගාව පාර ආදිය ජලගැලීම්වලට ලක්වූ ප්‍ර‘දේශ ලෙස හඳුනාගෙන තිබේ. මහරගම ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසය තුළ දැඩි ආපදා තත්ත්වයක් වාර්තා නොවන අතර, උඩහමුල්ල, ප්‍රගතිපුර ප්‍ර‘දේශ බරපතළ ලෙස ජලයෙන් යට වී ඇති අතර මිරිහාන, පොල්වත්ත ප්‍ර‘දේශවල පවුල් කිහිපයක් ජල ගැලීම්වලින් පීඩාවට පත්ව ඇති බවට හඳුනාගෙන තිබේ.
අරණායක ප්‍ර‘දේශයට ඇදහැළුණු මහ වැසි සමගම මෝරාගම්මන හා නාරංගල ප්‍ර‘දේශයේ නිවසක් මුළුමනින්ම වැලලී ගිය අතර, තවත් නිවාස 15 ක් නාය යෑමේ අවදානමකට ගොදුරු වී ඇතැයි වාර්තා වේ.
මෝරාගම්මන ප්‍ර‘දේශයේ මෙලෙස වැලළී ගොස් ඇති නිවාසය ආසන්නයේ පිහිටි තවත් නිවාස 11ක්ද නායයෑමේ අවදානමකට ගොදුරු වී තිබෙන නිසා එම පුද්ගලයින් 40 දෙනෙකුගෙන් පිරිසක් එම ස්ථානවලින් ඉවත් කර ඔවුන්ට මෝරාගම්මන විහාරස්ථානයේ නවාතැන් දීමට අරණායක ප්‍රා‘දේශීය ලේකම් එස්.ඒ.එම්. ෆයිසාල් මහතා පියවර ගත්තේය.
මේ අතර නාරංගල ප්‍ර‘දේශයේ නිවාසයක් නායයෑමේ අවදානමට ලක් වී ඇති අතර. එම පවුල්වලටද අවශ්‍ය පහසුකම් සැලසීමට ප්‍රා‘දේශීය ලේකම්වරයා පියවර ගෙන තිබේ.
පවතින අධික වර්ෂාවෙන් කඩුවෙල බියගම මාර්ගයද ජලයෙන් යටවීම හේතුවෙන් කොළඹ පිටත අධිවේගී වටරවුම් මාර්ගයේ කඩුවෙල බියගම පිවිසුම ඊයේ (16දා) තාවකාලිකව වසා දැමුණි.
අයහපත් කාලගුණ තත්ත්වය නිසා මීගමුව පිටිපන මුහුදේදී යාත්‍රාවක් අනතුරට පත්වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජීවිත බේරාගැනීමේ කණ්ඩායමක් යොදවා බෙල් 412 ගුවන් යානාවක් යොදවාගෙන එම ධීවරයන් දෙදෙනාගේ ජීවිත බේරාගත්තේය.
මීට අමතරව පානදුර, නල්ලූරුව ප්‍ර‘දේශය හරහා හමාගිය දැඩි සුළං තත්ත්වය නිසා නිවාස 55කට හානි සිදුව තිබෙන අතර, හානියට පත් නිවාස සකස් කරදීමට යුද හමුදා නිලධාරීන් 07 දෙනෙකුගෙන් යුත් සෙසු නිලයන් 167 දෙනෙකු යෙදවීමට යුද හමුදාව කටයුතු කරමින් සිටියි.
බුත්තල ගෝනගං ආර 24 සැතපුම් කණුව අසල පිහිටි පාලමටද හානි සිදුව ඇති අතර, එම පාලම ප්‍රතිසංස්කරණය කිරීමට යුද හමුදාව කටයුතු කරයි.
පාසල් ගැන තීරණ ගැනීම කලාප අධ්‍යක්ෂවරුන්ට
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත පාසල් පවත්වාගෙන යාමට බාධාවක් ඇත්නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සියලුම කලාප අධ්‍යක්ෂවරුන්ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් උපදෙස් ලබා දී ඇත.
පාසල් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත්නම් එවැනි පාසල් තාවකාලිකව නිවාඩු ලබාදීමට හෝ තාවකාලිකව වසා දැමීමටද හැකි බවට අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
පවතින අධික වැසි තත්ත්වය නිසා රජයේ කාර්යාල බොහෝමයක් රාජකාරි කටයුතු අඩපණ වී තිබෙන අතර, මේ නිසා සමහර කාර්යාල පැය කිහිපයකට පෙර වසා දැමීමටද සිදු වූ බව වාර්තා වේ.
දිරි දිනවල තත්ත්වය හොඳ අතට
කෙසේවෙතත් දිවයිනට බලපා තිබෙන අඩු පීඩන කලාපය දිවයිනෙන් බැහැරට ගමන් කරමින් තිබෙන බවත්, එහෙත් අද (17දා) දිනයේදීද අනුරාධපුර, මඩකලපුව, කොළඹ, ගාල්ල, යාපනය, මහනුවර, නුවරඑළිය, රත්නපුර, ත්‍රිකුණාමලය, මන්නාරම දිස්ත්‍රික්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ඕනෑම හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීමට හැකිවන පරිදි සියලුම අංශ සූදානමින් තබන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට ඊයේ (16දා) උපදෙස් ලබා දී ඇත.
මීට අමතරව අවතැන් වූ පුද්ගලයෙකු වෙනුවෙන් මෙතෙක් වෙන්කළ රුපියල් 150 ක මුදල රුපියල් 225 ක් දක්වා ඉහළ දැමීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා ත්‍රිවිධ හමුදාව සූදානමින් තබන ලෙසද බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd