ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් හා ගෑස් ගවේෂණය පිළිබඳ කටයුතු කිරීමට ජාතික තෙල් සමාගමක් පිහිටුවීමට අදහස් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 'අද' පුවත්පතට පැවසීය.
මෙකී සමාගම රාජ්‍ය හා පෞද්ගලික දෙපාර්ශ්වයේම දායකත්වයෙන් ආරම්භ කරන බව ඔහු කීය.
එසේම විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍ර‘යේ පුළුල් වෙනසක් තුළින් දියුණු කිරීමට අදාළ ජාතික ප්‍රතිපත්තිය මේ මස රටට ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.