ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම සතු ඛනිජ වැලි මෙට්‍රික් ටොන් 17,800ක් අලෙවි කිරීමට අවධානය යොමුකර තිබේ. එම ආයතනයේ ප්‍රධාන නිෂ්පාදන වන ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් හා හයිටයි ඉල්මනයිට් ආදී ඛනිජවැලි ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමක් මගින් අලෙවි කිරීමට නියමිතය.
අමාත්‍ය මණ්ඩලය පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම අලෙවි කිරීම් සිදුකරන අතර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.