ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් අද (24දා) අලුයම සිට ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය ගැටලුවලට විසඳුම් ලැබෙනතුරු අඛණ්ඩව සිදුකරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරයි.
චීන වරාය තෙල් ටැංකි ඉන්දියාවට හා හම්බන්තොට වරායේ තෙල් ටැංකි චීනයට විකුණා දැමීමට ගෙන තීරණය අවලංගු කරන ලෙසට හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කරන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බවද එම සංගමයේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
මේ අනුව අද අලුයම සිට කොළොන්නාව, මුතුරාජවෙල සපුගස්කන්ද පර්යන්ත තුළින් හා රටපුරා පිහිටි ගබඩා 12 තුළින් තෙල් නිකුත් කිරීම නවතා දමන බවද ඒ මහතා පවසා සිටියේය.
හෙට (25දා) දිනය වනවිට පැහැදිලි විසඳුමක් නොලැබුණහොත් ඉන්පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිරිපහදු කටයුතුවලින්ද ඉවත්ව සිටීමට කටයුතු කරන බවත්, දෛනිකව තෙල් නිකුත් කිරීම සිදුනොකළහොත් රට තුළ විශාල ඉන්ධන හිඟයක් ඇතිවන බවද කැඳවුම්කරු අවධාරණය කළේය.
මෙම ස්ථාන තුළින් දෛනිකව ඩීසල් මෙට්‍රික්ටොන් 5000 ක් පෙට්‍ර්ල් මෙට්‍රික්ටොන් 3000 ක් හා භූමිතෙල් මෙට්රික්ට්රොන් 300 ක් නිකුත් කරණ බවද පවසා සිටියේය. මීට අමතරව තෙල් පිරිපහදුව තුළ වැඩවර්ජනය දියත් කළහොත් දෛනිකව බොරතෙල් බැරල් 50,000 ක් පිරිපහදු කිරීමේ කටයුතු ඇනහිටින බවද සඳහන් කළේය.
චීන වරායේ තෙල් ටැංකි සහ හම්බන්තොට වරායේ තෙල් ටැංකි විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවත් මෙම ක්‍රියාව වහාම නවතා දැමිය යුතු බවද කැඳවුම්කරු ප්‍රකාශ කළේය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වහාම නවීකරණය කළ යුතු බවත් මෙම ඉල්ලීම ඉල්ලමින් අද අලුයම් කාලයේ සිට රාජකාරීයට වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගය දියත්කරණ බවද සඳහන් කළේය.