ප්‍රවාහන ගාස්තු සංශෝධනය හා මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
2016 වසරේදී ලබාදීමට පොරොන්දු වූ ගාස්තු සංශෝධනය හා ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට නව ගාස්තු සකස් වියයුතු බවද එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේය.
ගාස්තු සංශෝධනය නොවීමට එරෙහිව අද (04දා) තෙල් බෙදාහැරීම්වලින් ඉවත්වීමට තීරණය කළ බවත්, එහෙත් 08 වැනිදා පැවැත්වෙන අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම ගැටලුවලට විසදුම් ලබාදෙන බවට තෙල් සංස්ථා බලධාරීන් හා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගම් බලධාරීන් පොරොන්දු වූ බවත් ඔහු පවසා සිටියේය.
මෙම පොරොන්දු සැලකිල්ලට ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගය දින 05කට කල් දැමූ බවද එම සංගමයේ සම ලේකම්වරයා සඳහන් කළේය.
පොරොන්දු කඩකළහොත් කිසිදු දැනුම්දීමකින් තොරව 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු තෙල් බෙදාහැරීමෙන් ඉවත්වන බවත්, සමස්ත ඉන්ධන බෙදාහැරීමෙන් 80෴ක් සිදු කරන්නේ පෞද්ගලික බවුසර් හරහා බවත් හෙතෙම කියා සිටියේය.