චීන වරායේ හා හම්බන්තොට වරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණ විකුණා දැමීම නවතා දැමීම සඳහා වෘත්තීය සමිති 06 ක් එක්ව සකස් කළ විශේෂ වාර්තාවක් හෙට (08දා) විෂය භාර අමාත්‍යවරයාට බාරදෙන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට මෙම වාර්තා බාර දෙන ලෙස ඉල්ලමින් විෂය බාර අමාත්‍යවරයාට මෙම වාර්තා ලබාදෙන බවද එම සංගමයේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.
මෙම සැලැස්ම තුළ මෙම ස්ථානවලින් ලාභ ලබාගැනීමට හැකි ආකාරයද සඳහන් කර තිබෙන බවත්, මීට අමතරව මෙම තෙල් ටැංකි සංකීර්ණවලින් රටට ඇති වැදගත්කමද පෙන්වාදී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.