ත්‍රිකුණාමලය තෙල් ටැංකි විකිණීමට විරෝධය දක්වමින් ඛණිජ තෙල් වෘත්තීය සමති ඒකාබද්ධ සංවිධානයට විසඳුමක් ලබාදීම සඳහා ඔවුන්ව අග්‍රාමාත්‍ය කාර්යාලයට කැඳවා තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුම් දීම අනුව ඔවුන් අරලිය ගහ මන්දිරයට පැමිණියේය. ජනපතිවරයා සඳහන් කළේ ඒ සඳහා විසඳුමක් හෙට (25දා) ලබා දෙන බවයි. විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාද මෙම සාකච්ඡා සඳහා එක්ව තිබේ.