ඛණිජ තෙල් ගෙන්වීමෙන් ඉතුරු වූ ඩොලර් බි 6ට වූ දේ බන්දුල අසයි
වත්මන් ආණ්ඩුව ඛනිජතෙල් ගෙන්වීමට මහින්ද රාජපක්ෂ යුගයට වඩා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 06ක් අඩුවෙන් වියදම් කර තිබෙන බවත්, එසේ ඉතිරි වූ මුදල්වලට කුමක් සිදුකළේදැයි ආණ්ඩුව පැවසිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ අද (17දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
ʻ 2015දී ඇමෙරිකා ඩොලර් මිලියන 2700ක්, 2016දී ඇමෙරිකා ඩොලර් මිලියන 2018ක්, 2017දී ඇමෙරිකා ඩොලර් මිලියන 3428ක් වශයෙන් ඛනිජ තෙල් ගෙන්වීමට වත්මන් රජය වැය කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ යුගයේදී වසරකට ඛනිජ තෙල් ආනයනය කිරීමට ඇමෙරිකා ඩොලර් බිලියන 05ක් වැය කරනු ලැබුවා. ඒ අනුව මෙසේ ඉතිරි කර ගත් මුදල් සඳහා කුමක් සිදු කළේද යන්න පිළිබඳව ආණ්ඩුව පැවසිය යුතුයි.
රුපියල අවප්‍රමාණය, විදේශයන්හි භාණ්ඩ මිල ඉහළ යෑම, භාණ්ඩ මත බදු පැනවීම නිසා ඉදිරි වසරේදී ජනතාවට අධික මිල පීඩනයක් දරා ගැනීමට සිදු වනවා.ʼයැයි ද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


