සාමවිනිසුරු පත්වීම් 500ක් ලබාදීම සඳහා බුද්ධශාසන අමාත්‍යංශයේදී අද(16) පෙරවරුවේ උත්සවයක් පැවැත්විණි.එහිදී කෞටිල්‍යගේ රාජ්‍ය පාලන උපදෙස් ගැන බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විග්‍රහයක් කළේ මෙසේය.
“සාමදාන විනිශ්චයකාර කිව්වාම ගැඹුරු අර්ථයක් තියෙනවා.එතන දානය,සාමය වගේම විනිශ්චයකාරකමකුත් තියෙනවා.සාමදාන කියන වචනය ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ කෞටිල්‍යගේ දේශපාලන අර්ථ විග්රහයේදී. රාජ්‍ය පාලකයෙකුට ප්‍රශ්න වලින් තොරව රටක්පාලනය කරන්නනම් ක්‍රම 4ක් අනුගමනය කරන්න අවශ්‍යයි කියලාඔහු කියනවා.සාම,දාන,බේද,දණ්ඩ කියන අවස්ථා අනුගමනය කළොත් රජෙකුට කරදයක් නැතිව රට පාලනය කරන්න පුලුවන්ලු.
පාලකයාට විරුද්ධව කවුරුහරි නැගීසිටිනවානම්,අදකාලේ විපක්ෂයේ කෙනෙක් අපේ පක්ෂයට විරුද්ධව නැගිසිටිනවානම් හොඳම දේ තමයි සාමයෙන් සමගියෙන් මිත්‍රත්වයෙන් කතාකරලා විසඳගන්න එක.ඒක හරිගියේ නැතිවුණොත් දානයට යනවා.කෞටිල්‍ය දානය කියන්නේ මොකක්හරි දීලා යාලු කරගන්න එකට.ඕන්නම් මන්ත්‍රිකමක්,ඇමතිකමක්,සභාපතිකමක්,අධ්යක්ෂ කමක්,නැතම් පැජරෝ එකක්,ඩිෆෙන්ඩර් එකක් දෙන්න පුලුවන්.
එහෙමත් පාලනය කරන්න බැරි මිනිස්සු ඉන්නවා.එහෙම අය භේද කරන්න ඕන.කෞටිල්‍යගේ අදහස තමයි එක එක්කෙනා කොටවනවා කියන එක.ඒක දේශපාලන පක්ෂ ඇතුළේ දෙකට තුනට කඩාලා දාන්න පුලුවන්.ඒ කණ්ඩායම බේද කළාම කරදරයක් නැතිව රට පාලනය කරන්න පුලුවන්.
එහෙමත් පාලනය කරන්න බැරිනම් කෞටිල්‍ය කියනවා දණ්ඩනයෙන් පාලනය කරන්න කියලා.සමහර වෙලාවට දඬුවමක් විදියට නඩුවක් පටලවන්න පුලුවන්.එහෙම මුකුත් කරන්න බැරිනම් සුදුවෑන් එකකින් උස්සන්න පුලුවන්.හැබැයි කෞටිල්‍ය කියන ක්‍රමවේදයට අපි යන්නෑ.අපිට අවශ්‍ය ජනතාව තුළ සාමය ඇති කිරීම පමණයි.” යනුවෙන් පවසා සිටියේය.