සෞදි අරාබියාවේ ගෘහ සේවයේ යෙදී සිටි ශ්රී ලංකා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිට ඉහතදි ඇය සේවය කරමින් සිටි නිවයේ සිදු වූ ගෑස් ටැංකි පිපිරීමකින් ඇය කෝමා තත්ත්වයෙන් රෝහල්ගත කළ අතර ඇය සති දෙකකට ආසන්න කාලයක් කෝමා තත්ත්වයේ සිටියාය.
නමුත් පෙරේදා (28දා) ඇය මියගොස් තිබෙන බව අරාබි පුවත් සේවය සඳහන් කළේය. මෙසේ මියගොස් ඇත්තේ අලුත්ගම දර්ගා නගරයේ පදිංචිව සිටි 38 හැවැරිදි ෆාතිමා සෆායා නම් දෙදරු මවකි.