පාර්ලිමේන්තුවේදී අද (07දා) පවත්වා ඇති පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්වී නොමැත. කෝප් කමිටු සාමාජික, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයක මේ බව සඳහන් වෙයි. එසේම කෝප් කමිටුවේ සභාපති ලෙස සුනිල් හඳුන්නෙත්තා මහතා එකච්ඡන්දයෙන් පත්කර ගත් බවත් හර්ෂද සිල්වා මහතාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වෙයි.