කොප් කමිටුවේ පරීක්ෂණ යන අතරවාරයේදී අර්ජුන් ඇලෝෂියස් හමුවී සාකච්ඡා කළ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
කෝප් කමිටුවේ දෙවැනි වාරය පැවැති 2016/06/08 සිට 2016/10/28 දක්වා කාලයේදී තමන් අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයාගේ වාහනයේ ගමන් කරමින් සිටියදී අර්ජුන් ඇලෝෂියස් තමාට ඇමතුමක් ගත් බවත්, ඉන්පසුව තමන් ඔහුට ඇමතුමක් ලබාගත් බව පැවසූ ඇමතිවරයා ඉන්පසුව මෙම හමුවීම සිදුවුණු බවත් ප්‍රකාශ කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ, බොහෝ කාලයක සිට තමන් අර්ජුන් ඇලෝෂියස් දැන හඳුනාගෙන තිබුණු බවත්, තමන් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරය දරන සමයේදීද අර්ජුන් ඇලෝෂියස් හමුවී සාකච්ඡා සිදුකළ බවත්ය.