රුපියල් එක්කෝටි දහසය ලක්ෂයකට අධික වටිනාකමින් යුත් විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස කටාර් රාජ්‍ය වෙත රැගෙන යෑමට උත්සාහ කළ විදේශිකයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ (18දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
සැකකරුවන් අතර ඊජිප්තු ජාතිකයන් දෙදෙනෙකු හා ලෙබනන් ජාතිකයෙකු වන අතර, ඔවුන් කටාර් ගුවන් සේවයේ අයත් QR - 655 දරන යානයෙන් කටාර් රාජ්‍ය බලා යෑමට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයෙහි තිබී ඇමෙරිකානු ඩොලර් 76,782ක්, යූරෝ 200ක් සහ බ්‍රිතාන්‍ය පවුම් 110ක් රේගුව බාරයට ගෙන තිබේ.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ ගුවන් තොටුපළ රේගුව, මෙම විදේශ මුදල් තොගය රාජසන්තක කර තිබේ.