රුපියල් එක්කෝටි විසි ලක්ෂ අසූ හතර දහසක වියදමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සවිකර තිබෙන ඩිජිටල් කාලසටහන් පුවරුව අක්රිය වී දින 14 ක කාලයක් ගත වී ඇතැයි සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමය සඳහන් කරයි.
එහෙත් මෙතෙක් ඩිජිටල් පුවරුව යථාතත්ත්වයට පත් කිරීමට පුවරුව ලබාදුන් සමාගම හෝ දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවත්, මේ නිසා මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බවත් එම සංගමයේ ප්රධාන ලේකම් එස්.පී.විතානගේ මහතා සඳහන් කළේය.
2014 වසරේදී සවිකළ මෙම පුවරුව මේ වනවිට දස වතාවකට වඩා අක්රිය වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.