රුපියල් හාර කෝටි අසුතුන් ලක්ෂ නමදාස් හයසිය අනු දෙකක් වටිනා විවිධ වර්ගයේ විදේශීය මුදල් තොගයක් තම ගමන් මල්ලේ සඟවාගෙන ඩුබායි හරහා කටාර් රාජ්‍යයට යාමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද (12දා) අලුයම අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහුගේ ගමන් මල්ලේ තිබී කුවෙට් ඩිනාර් 950, ජපන් යෙන් 110,000, කටාර් රියාල් 48,500, සෞදි රියාල් 802,000, ඇමරිකන් ඩොලර් 72,000, යුරෝ 450, එංගලන්ත පවුම් 30,000, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් 33,500 ක් සොයාගත් බව රේගුව කියයි.