කෝටි පහක රන් කටුනායකදී අත්අඩගුවට
රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් රන් තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තය ඔස්සේ විදේශ ගත කිරීමට තැත් කළ පුද්ගලයින් තිදෙනකු අද (04 දා) සවස අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
කටුනායක ගුවන් තොටුපොළ පිටත් වීමේ පර්යන්තයේ තීරු බදු රහිත සාප්පුවක සේවය කරන 43 හැවිරිදි නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු, තම ඉන ප්‍රදේශයේ වටා විශේෂිත පටි යොදා ගෙන මෙම රන් තොගය සංක්‍රමණික මගී පර්යන්තයේ ඇති වැසිකිලියක් තුළට රැගෙන ගොස් තිබේ.
එහිදී සිංගප්පූරුවේ සිට පැමිණ සහ සිංගප්පූරුව බලා නැවත පිටත්ව යෑමේ අදහසින් එම පර්යන්තයේම රැදී සිටි 55 සහ 65 හැවිරිදි ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙකුද , එම වැසිකිළිය තුළට ඇතුළු වී තිබේ. ඉන්පසු මෙම රන් තොගය එම වැසිකිලිය තුළ දී හුවමාරු වන විටම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මොවුන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගත් රන් තොගයේ ග්‍රෑම් 100 බැගින් වූ රත්තරන් කුට්ටි 61 ක් තිබූ අතර , කිලෝ ග්රෑ 1.1 බර ස්වර්ණාභරණ තොගයක් ද තිබුණි . ඒ අනුව මෙම රත්තරන් තොගයේ මුළු බර කිලෝ ග්‍රෑම් 7.2 ක් බව රේගුව පවසයි .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


