බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් බිලියන හතක (රු.7,858,623,000) පරිපූරක ඇස්තමේන්තුවක් අද (19දා) සම්මත කරගනු ලැබීය.
2016 වසරේදී නොගෙවූ බිල්පත් ගෙවීම, නිවාඩු නිකේතනයට ඉඩම් අත්පත් කරගැනීම, පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැඩිකළ දීමනා සහ සෞඛ්‍ය, ජීවිත හා හදිසි අනතුරු රක්ෂණාවරණ ගෙවීම, ගුරු හිඟ වැටුප් හා දීමනා ගෙවීම ඇතුළු පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා කාර්යාවල අවශ්‍යතා සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් විය.
ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් ඉදිරිපත් කරන ලද එම පරිපූරක ඇස්තමේන්තුව ඒකමතිකව සම්මත වූ අතර, සුසිල් කිදෙල්පිට මන්ත්‍රීවරයා පමණක් ඊට විරුද්ධව අදහස් පළ කළේය.