ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් කිලෝ මීටර් 170ක දුරට ජල නළ ඇතිරීම සඳහා ඇස්තමේන්තු මුදලට වඩා රුපියල් කෝටි 50ක් වැඩිපුර වැයවන කොන්ත්‍රාත්තුවක් භාර දී ඇති බව වාර්තා වෙයි.
මෙම කොන්ත්‍රාත්තුව යටතේ ව්‍යාපෘති කාර්යාලයක් පිහිටුවීමට වර්ෂයකට රුපියල් කෝටි 2 ½ක් (දෙකහමාරක්) වෙන් කිරීම පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් කරුණු විමසා ඇත.
මීට අමතරව කොන්ත්‍රාත් කාල සීමාව තුළ ජංගම කාර්යාලයක් පිහිටුවීමට රුපියල් එක්කෝටි දොළොස් ලක්ෂ විසි දාහක මුදලක් වෙන්කර ඇතත් ඒ වෙනුවට රුපියල් 30,000ක මාසික කුලී පදනම මත නිවසක් සපයා තිබූ බවද විගණන විමසුමේ සඳහන්ව ඇත.
රුපියල් කෝටි දෙක හමාරකින් නළ එළීම සඳහා කළුගල් කඩා ඉවත් කිරීමට පිරිවැයක් දරා තිබුණත් කඩා ඉවත් කර ඇත්තේ කළුගල් කියුබික් ඝන මීටර් 2335ක් වුවත් ඒවා රජයේ ආදායමට බැරවී නැති බවද විගණන වාර්තා නිරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.
විනීතා එම්.ගමගේ (ඉරිදා ලංකාදීප ඇසුරෙනි)