නැසීගිය ගල්ගෙවල ගෙදර චන්ද්‍රාවතී ෆොන්සේකා මහත්මියට සහ ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මහත්මීන්ට අයත්ව තිබූ දෙහිවල, කලුබෝවිල, රෝහල පාර අංක 205 දරන ස්ථානයේ පිහිටි කෝටි 25 ක පමණ වටිනාකමින් යුත් පර්චස් 40 ක ඉඩම කලුබෝවිල ශික්ෂණ රෝහලට පරිත්‍යාග කර තිබේ.
ඊට අදාළ ඔප්පුව ඉන්ද්‍රානි ද කොස්තා සහ කමලා ද කොස්තා යන මහත්මීන් විසින් ඊයේ (13දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දෙන ලදී. ඉන් අනතුරුව ජනාධිපතිවරයා එම ඔප්පුව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත භාර දෙනු ලැබීය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, කලුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.