අනුරාධපුර හිදෝගම කුඩා නෙළුබෑව ප්රදේශයේ පිහිටි ඇගළුම් කම්හලක් බිද අපනයනය කිරිම සදහා සුදානම් කර තිබු රුපියල් කෝටි දාහතරකට ආසන්න වටිනාකමකින් යුත් කාන්තා යට ඇදුම් තොගයක් සොරා ගෙනයාමේ සිද්ධියේ ප්රධාන සැකකරු හිදෝගම පොලීසිය විසින් ඊයේ (23දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරු මිගමුව නගරයේදි අත්අඩංගුවට ගත් ගෙන තිබෙයි. ඇමරිකාව හා බ්රිතාන්යට ආනයනය කිරිම සදහා සකසා තිබු කාන්තා යට ඇදුම් හා තිසරපට 34000 ක පමණ ප්රමාණයක් සොරුන් විසින් පසුගිය හයවනදා රාත්රි කාලයේ ඇගළුම්හල බිද සොරා ගෙන තිබුණි.