නීතිවිරෝධී ආකාරයට මෙරටට ගෙන්වා තිබූ රුපියල් කෝටි 12කට අධික වෙළෙඳ භාණ්ඩ තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අද (19දා) අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ රැකියා කරන්නන්ගේ භාණ්ඩ ගෙන්වන මුවාවෙන් වත්තල ප්‍රදේශයේ සමාගමක් විසින් ඩුබායි සිට මෙම භාණ්ඩ තොගය ගෙන්වා තිබූ බවද රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසිරි කහඳව මහතා සඳහන් කළේය.
මෙම භාණ්ඩ අතර විදුලි භාණ්ඩ, කුළු බඩු, ළදරු කිරි බෝතල් සපත්තු වැනි ද්‍රව්‍ය තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.