යාපනය මරදන්කේනි වෙත්තිලයිකේනි වෙරළ ආසන්නයේ පිහිටි කැලෑවක සඟවා තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 112.6 ක් ඊයේ (23දා) රාත්රියේ සොයා ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසකට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.
පොලිතීන් ආවරණ 50 ක බහා තිබූ එම කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වා පසුව කැලෑවේ සඟවා තබන්නට ඇති බවට නාවික හමුදාව සැක කරයි.