උමගකට විවරයක් ඇතැයි යන විශ්වාසය මත එය මතුකර ගැනීමේ අරමුණින් යුතුව පසුගියදා මූලික කැණීම් කටයුතු ආරම්භ කරන ලද කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල භූමියේ ස්ථාන තුනක මෙතෙක් සිදුකළ පර්යේෂණ කැණීම්වලින් උමගක සාධක කිසිවක් හමු නොවුණද පිහිටි කබොක් ගලේ නිර්මාණය කළ චතුරස්රාකාර කුටියක් පේසා වළලු සහිත ස්තූපයක් මතු කර ගැනීමට හැකි වී ඇත.
මීට අමතරව කැණීම් භූමිය ආශ්‍රිතව කෝට්ටේ යුගයට අයත් සැතකෙන උළු කැබලි හා පහන් කැබලි කීපයක් ද හමුවී ඇත.
මෙසේ මතුකරගෙන ඇති පුරාවිද්‍යා සාධක අනුව මේ ස්ථානය බෞද්ධ විහාරයක නටබුන්වලින් යුත් භූමියක් බව අනුමාන කෙරෙන අතර චතුරස්රාකාර කුටිය, ස්තූපය හා සෝපානය පිහිටි ගලේම කපා මතුකර තිබීම නිසා ඒවා සුවිශේෂී නිර්මාණ ලෙස සැලකේ. මෙම භූමියේ කැණීම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වෙයි.