ශ්රි ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්රිවරයෙකු ලෙස ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ රජික කොඩිතුවක්කු මහතා අද (22දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මෙම දිවුරුම් දීමේ අවස්ථාවට කෝට්ටේ මහ නගර සභාවේ මන්ත්රීවරු රැසක්ද සහභාගීවි සිටි අතර ඔවුන් සමග ජනාධිපතිතුමා සුහද කතා බහකද නිරත විය.