පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් 2015 වසරේ ජනවාරි මාසයේ සිට මේ වසරේ අප්‍රේල් 02 වැනිදා කාලය දක්වා කාලය තුළ සිදුකරන ලද මෙහෙයුම්වලදී රුපියල් මිලියන 236ක කංසා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අනුව මෙම කාලය තුළ කේරළ කංසා කිලෝ 1,877ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, එහි වටිනාකම රුපියල් මිලියන 234කට අධිකය. වැටලීම් 453කදී අත්අඩංගුවට ගෙන තිබෙන කේරළ කංසා සමග සැකකරුවන් 507 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කාලය තුළ සිදු කළ වටලීම් 331කින් කංසා කිලෝ 619ක් සමග සැකකරුවන් 367 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන තිබෙන කංසාවල වටිනාකම රුපියල් මිලියන දෙකකට අධික බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.