තම විහාරස්ථානයට අයත් 'සීදේවි' නම් මදකිපුණු ඇතින්න ලිහා දමා පිරිසක් තමන් වහන්සේ ඝාතනය කිරීමට තැත්කළැයි පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් මහරගම පොලීසියට කර තිබූ පැමිණිල්ල වෙනුවට නව පැමිණිල්ලක් සටහන් කර ඇතැයි 'අද' පුවත්පතට වාර්තා වේ. කොළොන්නාවේ සුමංගල හිමියන් විහාරස්ථානය වෙත පොලිස් නිලධාරීන් කැඳවා තම පැමිණිල්ල නිවැරදි විය යුතු බව දැනුම් දී තිබේ. ඒ අනුව 'ශ්රී දෙව්' නම් ඇතා ලිහා දමා තමන් වහන්සේ ඝාතනය කිරීමට තැත්කිරීම ලෙස එම පැමිණිල්ල නිවැරදි විය යුතු බවට සුමංගල හිමියන් පොලිස් නිලධාරීන් වෙත දන්වා නව පැමිණිල්ල සටහන් කොට තිබේ.
අමිල සංකල්ප