කොළොන්නාව මීතොටමුල්ල කුණු කන්දේ මේ වනවිට කුණු ටොන් දෙකෝටි තිස්පන් ලක්ෂයක් හෙවත් ටොන් ලක්ෂ 235ක් පමණ පවතින බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්රේමජයත්න මහතා සඳහන් කළේය.
කොළොන්නාව කුණු කන්ද මේ වන විට අඩි තුන්සියයකට වඩා ඉහළ නැග ඇති බවත් කුණු කන්දට දිනපතා කුණු ටොන් 800 පමණ බැගින් එකතුවන බවත් අමාත්‍යවරයා ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.
මෙම තත්ත්වය තේරුම් ගෙන පක්ෂ භේදයකින් තොරව මෙම ගැටලුව විසඳා ගැනීමට කටයුතු කළයුතු බවද හෙතෙම පැවසීය. වර්ෂාව පවතින දිනයන්හිදී කුණු කන්දෙන් වහනය වන දුගඳ රාජගිරිය නගරය දක්වා පැතිරෙන බවත්, කුණු කන්ද හේතුවෙන් ප්‍ර‘දේශයේ භූගත ජලය සම්පූර්ණයෙන්ම අපවිත්‍රවී ප්‍ර‘දේශයේ ළිං 150ක් පමණ වසා දමා ඇති බවද අමාත්‍යවරයා කීය.
කුණු කන්දට විසඳුමක් ලබාදෙනතුරු එයට දෛනිකව කුණු ටොන් 800ක් එකතු වීම නැවැත්විය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙහිදී අදහස් දක්වමින් මහ නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ කුණු ප්‍රශ්නයට සියලුදෙනා එක්ව විසඳුමක් සෙවිය යුතු බවත්, කොලොන්නාව ප්‍ර‘දේශය සංවර්ධන ක්‍රියා සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කර ඇති බවත්ය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රශ්නයකට ඊයේ (24දා) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.