කොළොන්නාව, මීතොටමුල්ල කුණුකන්ද ඉවත් කරන ලෙස ඉල්ලමින් ප්රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට පහරදීම තමා හෙළාදකින බවත්, කවුරුන් කෙසේ කීවද වත්මන් ආණ්ඩුව එම කුණුකන්ද ඉවත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා 'අද' ට පැවසීය.
මෙම කුණු කන්ද ඉවත් කරන බවට රජය පැහැදිලි ප්රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙන බවත්, මේ වනවිට අග්රාමාත්යවරයාගේ උපදෙස් අනුව නාගරික සංවර්ධන අධිකාරිය කුණු ප්රතිචක්රීකරණය සඳහා වැඩපිළිවෙළක් සකසන බවත් ඔහු පැවසීය.
කුණුකන්ද ඉවත් කිරීම දවසින් දෙකෙන් සිදුකළ නොහැකි අතර, ඒ සඳහා යම් කාලයක් ගතවන බවද මන්ත්රීවරයා කීය.උද්ඝෝෂණයක නිරත වීම ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතියක් වන අතර, එයට පහරදීම තමා තරයේ හෙළාදකින බවත්, කොළොන්නාව නගර සභාවේ කිහිපදෙනෙකුගේ මැදිහත්වීම මත උද්ඝෝෂණකරුවන්ට පහරදී ඇති බවත් මන්ත්රීවරයා ප්රකාශ කළේය.
දේශපාලන වශයෙන් අනාථ වූ ඇතැම් පුද්ගලයන් මෙම සිදුවීම තම වාසියට පෙරළාගැනීමට උත්සාහ කරන අතර, ඔවුන් කෙසේ පැවසුවද මෙම කුණු කන්ද ඉවත් කරන බවද එස්.එම්. මරික්කාර් මන්ත්රීවරයා වැඩිදුරටත් ප්රකාශ කළේය.