මාලිගාකන්ද ජල පිරිපහදු කරන ස්ථානයට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයක හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (07) පෙ.ව 9.00 සිට හෙට (08) පස්වරු 3.00 දක්වා පැය 30ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ 01, 02, 03, 07, 08, 09, 10, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට ජලය සැපයීම අත්හිටුවීමට නියමිත අතර කොළඹ 04, 05 හා 06 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.