මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් පාගමන් කිහිපයකින් කොළඹට පැමිණෙන හෙයින් කොළඹට පැමිණෙන මාර්ග හතරක මාර්ග තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය කියයි.
ඒ අනුව පස්වරු 12.00ත් 3.00ත් අතර මෙම වාහන තදබදය ඇතිවිය හැකි බව පොලීසිය සඳහන් කරයි. හයිලෙවල් මාර්ගය, ගාලු පාර, නුවර පාර හා මීගමුව මාර්ගයන් භාවිත කරමින් පෙළපාලි වලින් සරසවි සිසුන් කොළඹට පැමිණිමට නියමිතය.
එසේම පස්වරු 3.00ට ඔවුන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ රැස්විමට නියිමිතය. ඒ අනුව කොළඹ කොටුව ආසන්නයේ දැඩි වාහන තදබදයක් ඇතිවිය හැකි බවත් පොලීසිය පවසයි. විශේෂයෙන්ම ඕල්කට් මාවත, ලෝටස් පාර, මරදාන, අලුත්කඩේ ප්‍ර දේශවල දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය පවසයි.
මේ කාල සිමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස උපදෙස් දෙන පොලිසිය රථ වාහන තදබදය අවම කිරීමට සහාය දෙන ලෙසද ඉල්ලා සිටියි.