ලොව විශාලතම පාවෙන පොත් සල්පිල් නැව නමින් හදුන්වන ලොගෝස් හෝප්(LOGOS HOPE) නෞකාව මේදිනවල කොළඹ වරාය පරිශ්රයේනැංගුරම්ලා තිබේ.
පසුගිය 21 වැනිදා කොළඹ වරායට සේන්දු වූ මෙමනෞකාවනොවැම්බර් මස 12 වැනිදා දක්වා කොළඹ නවාතැන්ගනිමින් මෙරට ජනතාවට සේවය සැලසීමට සූදානමින් සිටියි.
මෙම කාලසීමාව තුළදී ලොගෝස් හෝප් වෙත ගොඩවැදී එහි තිබෙන පොත් කියවීමට හා මිලදී ගැනීමට ඔබටද අවස්ථාව හිමිව තිබේ.
1970දීආරම්භ වූ මෙම ලෝගොස් හෝප් ව්‍යාපෘතිය වරින් වර විශාල නැව්වලට මාරුවෙමින් දශක හතරකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව ලොව පුරා සැරිසරමින් දැනුම බෙදාදෙන ජර්මානු ව්‍යාපෘතියකි.
මේ වනවිට මෙම නෞකාව ලෝකයේ රටවල් 151 ක වරායවල්500කට ආසන්න ප්‍රමාණයක සංචාරයකර තිබේ.
ලොව ප්‍රධාන භාෂාවලට අයත් තේමා 5000කට අධික ප්‍රමාණයක් පොත් මෙම නෞකාව තුළ ගබඩා කර ඇති අතර, සෑම වසරකම පාරිභෝගිකයන් මිලියන ගණනක් එහි සේවය ලබාගනිති.
ස්වෙච්ඡා සේවකයන් 400කගේ පමණ එකතුවකින් මෙම නෞකාව පවත්වාගෙන යාමද සුවිශේෂී කරුණකි.ඔවුන් අතර ප්‍රියංගා උක්වත්ත නමැති ලංකාවේ තරුණියකද සේවයේ යෙදෙයි.
මින් ඉහත අවස්ථා ගණනාවකදීම මෙම නෞකාව ලංකාවට පැමිණ ඇති අතර,2013 වසරේ කොළඹටත්, 2014 වසරේ ත්‍රිකුණාමලය හා ගාලු වරායන්ටත් සේන්දුවිය.
මියන්මාරයේ යැංගුංහි නවතා තිබූමෙම නෞකාව මීළඟට අප්‍රිකාව බලා යාමට නියමිතය. ලෝගෝස් හෝප් නෞකාව සිය ආසියානු සංචාරය ආරම්භකළේ 2011 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ කෞළඹ වරායෙනි. ඔවුන් සිය ආසියානු සංචාරය අවසන් කිරීමටද ශ්‍රී ලංකාව තෝරා ගැනීම විශේෂත්වයකි.
පොත් පාඨකයන්ට නැවට ඇතුළුවීමට රුපියල් සියයක ගාස්තුවක් පමණක් අයකෙරෙන අතර වයස 12ට අඩු හා 65ට වැඩි අයට ඇතුළුවීම නොමිලයේය. තට්ටු නවයකින් යුතු නැව තුළ සම්පූර්ණ තට්ටුවක්ම පොත් සල්පිල වෙනුවෙන් වෙන්කර තිබේ. නැව තුළ පොත් අලෙවිකරන්නේ යුනිට් නම් ඒකකයෙනි.(යුනිට් එකක් රුපියල් 03 ක් වේ.) %සියල්ලන්ටම හොඳ පොත්^ යන තේමාව යටතේ රටින් රටට යන පාවෙන පොත් සල්පිල වෙත අමතක නොකර ඔබත් ගොඩවන්න.
ඡායා- ශමීර රාපක්ෂ