කොළඹ නගරය හරිත නගරයක් බවට පත් කිරීමට අදාළ යෝජනාවක් පසුගියදා කොළඹ මහ නගර සභා රැස්වීමේදී සම්මත විය.
කොළඹ නගරය කොන්ක්‍රීට් ගොඩනැගිලිවලින් වැසී පවතින නගරයක් වුවද, නගරයේ ඇතැම් ප්‍ර‘දේශවල මාර්ග දෙපස පවතින විශාල ගස්වලින් නගරයට අලංකාරයක් හා සිසිලසක් හිමිවී ඇති බව එම යෝජනාව ඉදිරිපත්කළ නාගරික මන්ත්‍රිනී ඉන්ද්‍රා ගීගනගේ මහත්මිය ප්‍රකාශ කළාය.
මේ පිළිබඳ වඩා සැලකිල්ලට ගෙන කොළඹ 01 සිට 15 දක්වා ප්‍ර‘දේශවල මාර්ග දෙපස ගස් සිටුවීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවද ඇය කියා සිටියාය.
කොළඹ ධාවනය වන රථවාහනවල කාබනික අපද්‍රව්‍ය උරාගැනීමට හැකි ගස් වැවීමට මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමු කරන බවත්, හැකි ඉක්මනින් එම කටයුක්ත ක්‍රියාත්මක කරන අතර, මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබාගන්නා බවත් මන්ත්‍රීවරිය කියා සිටියාය.